Skip to content
Get started free

Test

Test Paper 1

Based on Grade 10 First term

By Thamali · ICT Sinhala · All grades · Published Nov 7, 2026 · New

Test Paper 1

40 questions · 40 points

  1. Question 1 · One correct answer · 1 point

    වැරදි ප්‍රකාශය කුමක්ද?
    1. A. දත්ත මගින් නිශ්චිතවම අදහසක් ප්‍රකාශ කල නොහැකිය.
    2. B. තොරතුරු සකස් කිර්‍ර්මෙන් දත්ත නිර්මාණය වේ.
    3. C. දත්ත සකස් කිරීමෙන් තොරතුරු නිර්මාණය වේ.
    4. D. තොරතුරු තීරණ ගැනීමට වැදගත් වේ.
  2. Question 2 · One correct answer · 1 point

    කාලගුණ මධ්‍යස්ථානයක් විසින් එක් මසක වර්ෂාපතන අගයන් වාර්තා කරගනු ලබයි. මෙමගින් ලබාගත හැකි තොරතුරක් නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ කුමක්ද?
    1. A. දිනයක වර්ෂාපතනය
    2. B. සාමාන්‍ය මාසික උෂ්ණත්වය
    3. C. මුළු මාසික උෂ්ණත්වය
    4. D. මාසික සාමාන්‍ය (Average) වර්ෂාපතනය
  3. Question 3 · One correct answer · 1 point

    දත්ත සකස් කිරීමට යොමු කිරීම (A) ලෙසත් සකස් වූ තොරතුරු ලබාදීම (B) ලෙසත් හදුන්වයි. මෙහි A සහ B සඳහා ගැලපෙන පද නිවැරදි අනුපිළිවෙලට දැක්වෙන පිළිතුර වන්නේ කුමක්ද ?
    1. A. ආදානය සහ සැකසීම
    2. B. ප්‍රතිදානය සහ සැකසීම
    3. C. ප්‍රතිදානය සහ ආදානය
    4. D. ආදානය සහ ප්‍රතිදානය
  4. Question 4 · One correct answer · 1 point

    පහත සදහන් දෑ අතුරෙන් කුමක් ශ්‍රී ලංකාවේ G2G (රජය වෙනත් රජයන්ට) සේවා හා බැදී පවතී ද? (A) ශ්‍රී ලංකා රේගුව පිළිබද විස්තර මාර්ගගතව ලබාදීම. (B) ශ්‍රි ලංකා සිතියම මාර්ගගතව ලබාදීම. (C) වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව අලුත් කිරීම.
    1. A. A සහ C පමණි
    2. B. A සහ B පමණි
    3. C. A, B, C
    4. D. B සහ C පමණි
  5. Question 5 · One correct answer · 1 point

    නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති රොබෝ යන්ත්‍ර, නිෂ්පාදන කාර්යය සඳහා යොදා ගැනීමෙන් ලැබෙන වාසියක් නොවන්නේ කුමක්ද?
    1. A. පැය අටෙහි සේවාව
    2. B. වැඩි කාර්යක්ෂමතාව
    3. C. නිරවද්‍යතාවය
    4. D. පිරිසිදු බව
  6. Question 6 · One correct answer · 1 point

    පිළිවෙළින් මෙහෙයුම් පද්ධති බිහිවීම සහ වේගවත් පරිගණක ජාල බිහිවීම යන කරුණු වලට අදාල වූ පරිගණක පරම්පරා අයත් පිළිතුර කුමක්ද?
    1. A. දෙවන පරම්පරාව හා තෙවන පරම්පරාව
    2. B. හතරවන පරම්පරාව හා පස්වන පරම්පරාව
    3. C. තෙවන පරම්පරාව හා සිව්වන පරම්පරාව
    4. D. තෙවන පරම්පරාව හා දෙවන පරම්පරාව
  7. Question 7 · One correct answer · 1 point

    සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල රෝගීන්ගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීමට භාවිත වන විද්‍යුත් තන්තු රේඛ යන්ත්‍රය (ECG),
    1. A. ප්‍රතිසම පරිගණක සඳහා උදාහරණයකි.
    2. B. ක්ෂුද්‍ර පරිගණක සඳහා උදාහරණයකි.
    3. C. සංඛ්‍යාංක පරිගණක සඳහා උදාහරණයකි.
    4. D. දෙමුහුන් පරිගණක සඳහා උදාහරණයකි.
  8. Question 8 · One correct answer · 1 point

    පරිගණක පද්ධතිය විසින් සකස් කරන ලද තොරතුරු ප්‍රතිදානය කළ හැකි ආකාර නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ කුමක්ද?
    1. A. මෘදුකාංග, දෘඪාංග, ස්ථිරාංග
    2. B. මෘදු පිටපත, දෘඪ පිටපත, ශබ්දය
    3. C. ආදානය, සැකසීම, ප්‍රතිදානය
    4. D. දත්ත, සැකසීම, තොරතුරු
  9. Question 9 · One correct answer · 1 point

    පහත සඳහන් උපාංග සලකන්න. A - ආලෝක පෑන (Light Pen) B - මෙහෙයුම් යටිය (Joystick) C - ප්‍රකාශ අක්ෂර සංජානනය (OCR) D - වෙබ් කැමරාව (Web Camera)
    1. A. A හා B දැක්වීමේ උපක්‍රම වන අතර C සුපරික්සකයක් ද D වීඩියෝ ආදාන උපාංගයක් ද වේ.
    2. B. A හා C දැක්වීමේ උපක්‍රම වන අතර B සුපරික්සකයක් ද D වීඩියෝ ආදාන උපාංගයක් ද වේ.
    3. C. B හා C දැක්වීමේ උපක්‍රම වන අතර A සුපරික්සකයක් ද D වීඩියෝ ආදාන උපාංගයක් ද වේ.
    4. D. A හා B දැක්වීමේ උපක්‍රම වන අතර C සහ D යනු සුපරික්සකයක් වේ.
  10. Question 10 · One correct answer · 1 point

    පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය අඩංගු පිළිතුර වනුයේ කුමක්ද?
    1. A. සසම්භාවී පිවිසුම් මතකය, පඨන මාත්‍ර මතකය, ප්‍රධාන මතකය හා වාරක මතකය යනුවෙන් ප්‍රාථමික මතකය කොටස් හතරකින් යුක්ත වේ.
    2. B. සසම්භාවී පිවිසුම් මතකය, පඨන මාත්‍ර මතකය හා වාරක මතකය යනු නශ්‍ය මතකයන් වේ.
    3. C. ද්විතීක ආච යන ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම අතර වැඩිම දත්ත ගබඩා ධාරිතාවයක් ඇත්තේ සංඛ්‍යාංක බහු විධ තැටිවල වේ.
    4. D. දෘඩ තැටියක දත්ත ලිවීම සහ කියවීම සිදු කරනු ලබන්නේ එහි ඇති ශීර්ෂක (Head) මගිනි.
  11. Question 11 · One correct answer · 1 point

    රූප සටහනෙහි පෙන්වා ඇති ස්ථානීය පෙදෙස් ජාලයේ (LAN) A ලෙස නම් කර ඇති උපක්‍රමය වන්නේ කුමක්ද?

    1. A. මාර්ගකය (Router)
    2. B. ජාල කරණ අතුරු මුහුණුත (NIC)
    3. C. ස්විචය (Switch)
    4. D. මොඩමය (Modem)
  12. Question 12 · One correct answer · 1 point

    ප්‍රවේශ වේගය අනුව දී ඇති ආචයන උපාංග ආරෝහණ පිළිවෙලට පෙලගස්වා ඇති පිළිතුර වන්නේ කුමක්ද?
    1. A. නම්‍ය තැටිය, දෘඩ තැටිය, සසම්භාවි ප්‍රවේශ මතකය (RAM), වාරක මතකය (Cache memory)
    2. B. වාරක මතකය, සසම්භාවී ප්‍රවේශ මතකය, දෘඩ තැටිය, නම්‍ය තැටිය
    3. C. සසම්භාවි ප්‍රවේශ මතකය, වාරක මතකය, දෘඩ තැටිය, නම්‍ය තැටිය
    4. D. වාරක මතකය, දෘඩ තැටිය, නම්‍ය තැටිය, සසම්භාවී ප්‍රවේශ මතකය
  13. Question 13 · One correct answer · 1 point

    පරිගණක ජාල වර්ග සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර වන්නේ කුමක්ද ?
    1. A. බැංකු ජාල, ස්ථානීය ප්‍රදේශ ජාලයක් සඳහා උදාහරණයකි.
    2. B. පාසල් පරිගණක ඒකකය තුළ පවත්වා ගෙන යන පරිගණක ජාලය, පුළුල් ප්‍රදේශ ජාලයකි.
    3. C. අන්තර්ජාලය, පුළුල් ප්‍රදේශ ජාලය සඳහා උදාහරණයකි.
    4. D. ශාඛා සහිත විශ්ව විද්‍යාල ජාලය, ස්ථානීය ප්‍රදේශ ජාලයකි.
  14. Question 14 · One correct answer · 1 point

    1850 යන සංඛ්‍යාව කුමන සංඛ්‍යා පද්ධතියකට අයත්වේද?
    1. A. දශමය හෝ ද්විමය
    2. B. දශමය හෝ අෂ්ටමය
    3. C. දශමය හෝ ෂඩ්දශමය
    4. D. අෂ්ටමය හෝ ෂඩ්දශමය
  15. Question 15 · One correct answer · 1 point

    0.072 යන සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය (MSD) හා අඩුම වෙසෙසි සංඛ්‍යාංකය (LSD) පිළිවෙලින් දැක්වෙන පිළිතුර
    1. A. 0 සහ 2
    2. B. 2 සහ 0
    3. C. 2 සහ 7
    4. D. 7 සහ 2
  16. Question 16 · One correct answer · 1 point

    11011101211011101_2 යන ද්විමය සංඛ්‍යාවට තුල්‍ය වන දශමය සංඛ්‍යාව වනුයේ කුමක්ද?
    1. A. 220
    2. B. 221
    3. C. 510
    4. D. 335
  17. Question 17 · One correct answer · 1 point

    7518751_8 යන අෂ්ඨමය සංඛ්‍යාවට තුල්‍ය වන ෂඩ් දශමය සංඛ්‍යාව වනුයේ කුමක්ද?
    1. A. 1149
    2. B. 1E9
    3. C. 1D9
    4. D. 1139
  18. Question 18 · One correct answer · 1 point

    15 යන දශමය සංඛ්‍යාවේ BCD කේතය වනුයේ කුමක්ද?
    1. A. 00110101
    2. B. 00001111
    3. C. 00010101
    4. D. 00011001
  19. Question 19 · One correct answer · 1 point

    2MB හි අඩංගු Byte ගණන තුල්‍ය වනුයේ කුමකටද?
    1. A. 2 x 1024 byte
    2. B. 2^11 byte
    3. C. 1024 x 1024 byte
    4. D. 2^21 byte
  20. Question 20 · One correct answer · 1 point

    කෘෂි කර්මාන්තයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගන්නා අවස්ථා ලෙස බෝග වගාව, සත්ත්ව පාලනය සහ ධීවර කර්මාන්තය හඳුන්වා දිය හැක. බෝග වගාව සඳහා පමණක් යොදා ගනු ලබන යන්ත්‍ර නිවැරදිව සඳහන් කර ඇති පිළිතුර වනුයේ, A. කාලගුණ මිණුම් යන්ත්‍රය B. ගුවන් විදුලි සංඥා හැඳුනුම් උපකරණය (RFID) C. ස්වයංක්‍රීය වල් පැළ ඉවත්කරණය
    1. A. A සහ B
    2. B. C පමණි
    3. C. B සහ C
    4. D. A සහ C
  21. Question 21 · One correct answer · 1 point

    පහත දැක්වෙන සංඛ්‍යා අතරින් කුඩාම සංඛ්‍යාව වනුයේ කුමක්ද?
    1. A. 1238123_8
    2. B. 10010100_{10}
    3. C. 101011121010111_2
    4. D. A016A0_{16}
  22. Question 22 · One correct answer · 1 point

    970 යන ෂඩ් දශමය සංඛ්‍යාව ද්විමය ආකාරයෙන් ලිවීම සඳහා අවශ්‍ය වන අවම බිටු ගණන අඩංගු වන්නේ කුමන පිළිතුරේ ද?
    1. A. 12
    2. B. 11
    3. C. 10
    4. D. 9
  23. Question 23 · One correct answer · 1 point

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයේ අනිසි ප්‍රතිඵලයක් නොවන්නේ කුමක්ද?
    1. A. සමාජ ජාල වෙබ් අඩවි හරහා නොගැලපෙන මිතුරන් ඇසුරු කිරීම.
    2. B. පෞද්ගලිකත්වයට හානිවන ලෙස පින්තූර සහ වීඩීයෝ පසුරු විකෘති කර නිපදවීම.
    3. C. පරිගණක ක්‍රීඩා භාවිතය තුළින් ක්ෂණික නිවැරදි තීරණ ගැනීමට හැකිවිම.
    4. D. විවිධ ආකාරයේ කායික හා මානසික රෝගාබාධ ඇති වීම
  24. Question 24 · One correct answer · 1 point

    අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ශිෂ්‍යයෙකුට අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් අඩවි පමණක් ඇතුලත් පිළිතුර තෝරන්න.
    1. A. www.schoolnet.lk, www.facebook.com, www.bbc.com
    2. B. www.e-thaksalawa.moe.gov.lk, www.vidumanpetha.lk, www.schoolnet.lk
    3. C. www.ebay.com, www.schoolnet.lk, www.amazon.com
    4. D. www.schoolnet.lk, www.webpatashala.com, www.cnn.com
  25. Question 25 · One correct answer · 1 point

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් මගින් මිනිසාගේ කාර්යයන් ඉතා පහසු වී ඇත. එමෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අනිසි ලෙස භාවිතයෙන් ඔබට පමණක් නොව මුළු මහත් සමාජයටම අවැඩක් සිදු විය හැක. ඉන් එක් අනිසි ප්‍රතිඵලයක් ලෙස ඇබ්බැහිවීම සඳහන් කළ හැක. මේ නිසා සිදුවන ශාරීරික අපහසුතාවයක් වනුයේ, A. අක්ෂි ආබාධ B. කොන්දෙ අමාරුව C. හිසේ කැක්කුම
    1. A. B සහ C
    2. B. A පමණි
    3. C. A සහ B
    4. D. A, B සහ C
  26. Question 26 · One correct answer · 1 point

    පරිගණකය පළමු පරම්පරවේ සිට පස්වෙනි පරම්පරාව දක්වා පරිණාමයේදී සිදුවූ වෙනස්කම් සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. A. පරිගණකයේ ප්‍රමාණය සහ විදුලිය වැයවීම අඩු විය. B. වේගය සහ ගබඩා කළ හැකි ධාරිතාව අඩු විය. C. බහුකාර්ය උපකරණයක් වීම සහ භාවිතය වැඩි වීම. මෙම ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ
    1. A. A පමණි
    2. B. A හා B පමණි
    3. C. A හා C පමණි
    4. D. A B හා C සියල්ල
  27. Question 27 · One correct answer · 1 point

    පාසල් කාර්යාලය තුල ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති ලේඛන රාශියක් ඉතා කෙටි කාලයක් තුල සුපරීක්ෂණය කර (ස්කෑන්) පරිගණක ගත කිරීමට අවශ්‍ය නම් යොදා ගත යුතු ආදාන උපක්‍රමය වන්නේ,
    1. A. OCR (ප්‍රකාශ අක්ෂර සංජානනය)
    2. B. OMR (ප්‍රකාශ සලකුණු සංජානනය)
    3. C. MICR (චුම්භක තීන්ත අනුලක්ෂණ කියවනය)
    4. D. පැතලි තිර සුපරීක්ෂකය
  28. Question 28 · One correct answer · 1 point

    සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර ඇතුලත් පිළිතුර වන්නේ A. තිත් න්‍යාස මුද්‍රකය B. තාප මුද්‍රකය C. ලේසර් මුද්‍රකය D. තීන්ත විදුම් මුද්‍රකය
    1. A. A සහ B
    2. B. B සහ C
    3. C. C සහ D
    4. D. B, C සහ D
  29. Question 29 · One correct answer · 1 point

    දත්ත සැකසීම සඳහා ට්‍රාන්සිස්ටරය යොදාගැනීම හා මෙහෙයුම් පද්ධතිය බිහිවීම පරිගණක පරිණාමයේ වැදගත් සන්ධිස්ථාන දෙකකි. එම පරිණාමයන් සිදු වූ පරම්පරා දෙක පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන පිළිතුරේද?
    1. A. දෙවන පරම්පරාව සහ තෙවන පරම්පරාව
    2. B. පළමු පරම්පරාව සහ තෙවන පරම්පරාව
    3. C. පළමු පරම්පරාව සහ සිව්වන පරම්පරාව
    4. D. දෙවන පරම්පරාව සහ සිව්වන පරම්පරාව
  30. Question 30 · One correct answer · 1 point

    පරිගණකයේ දත්ත සකස් කිරීමේ දී ......A........ මගින් ලබා දෙන දත්ත .......B........ තුල තාවකාලිකව රඳවා තබාගනිමින් මධ්‍ය සැකසුම් ඒකකයේ .......C........ මගින් ගණනය කර රෙජිස්තර මතකය හරහා ප්‍රධාන මතකයට නැවත ලබාගෙන ප්‍රතිදානය කරනු ලබයි. මෙහි A, B, C යන ස්ථාන වලට අදාල ලේබල පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,
    1. A. පාලන ඒකකය, ප්‍රධාන මතකය, ආදාන උපාංග
    2. B. ප්‍රධාන මතකය, ආදාන උපාංග, ගණිතමය හා තාර්කික ඒකකය
    3. C. ආදාන උපාංග, ප්‍රධාන මතකය, ගණිතමය හා තාර්කික ඒකකය
    4. D. ප්‍රතිදාන උපාංග, ප්‍රධාන මතකය, ගණිතමය හා තාර්කික ඒකකය
  31. Question 31 · One correct answer · 1 point

    පරිගණක උපාංග අලෙවි සැලකට ගිය ශාන්ත, මුද්‍රකයක්, සුපරීක්ෂණයක්, යතුරු පුවරුවක් හා සංදර්ශකයක් මිලට ගත්තේය. ඉන් .........A........ ප්‍රතිදාන උපාංගයක් වන අතර .........B........ ආදාන උපාංගයක් විය. මෙහි A සහ B සඳහා ගැළපෙන උපාංග වනුයේ,
    1. A. සංදර්ශකය හා මුද්‍රකය
    2. B. මුද්‍රකය හා යතුරු පුවරුව
    3. C. සුපරීක්ෂණය හා යතුරු පුවරුව
    4. D. මුද්‍රකය හා සංදර්ශකය
  32. Question 32 · One correct answer · 1 point

    ඉහත රූප සටහනෙන් දැක්වෙන්නේ එක්තරා පරිගණකයක පද්ධති තොරතුරු සමූහයකි. එම තොරතුරු වලට අනුව පරිගණකයේ හෝරා වේගය (Clock Speed) හා සසම්භාවී ප්‍රවේශ මතකයෙහි පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද?

    1. A. 2.00 GHz - 2.6 GHz, 64bit
    2. B. i7-4510U, 8GB
    3. C. 2.00 GHz - 2.6 GHz, 8GB
    4. D. 2.00 GHz, 2.6 GHz
  33. Question 33 · One correct answer · 1 point

    පහත රූප සටහනේ P, Q, R, S ලෙස දක්වා ඇති උපාංග පිළිවෙලින් නම් කළ විට පිළිතුර වන්නේ,

    1. A. මුද්‍රකය, ස්විචය, සේවායෝජක පරිගණකය, සේවාලාභි පරිගණකය
    2. B. මුද්‍රකය, මාර්ගකය, සේවාලාභි පරිගණකය, සේවායෝජක පරිගණකය
    3. C. මාර්ගකය, ස්විචය, සේවාලාභි පරිගණකය, සේවායෝජක පරිගණකය
    4. D. මාර්ගකය, ස්විචය, සේවාදායක පරිගණකය, සේවාලාභි පරිගණකය
  34. Question 34 · One correct answer · 1 point

    පරිගණක ජාලකරණයේ දී භවිතා කරන ස්ථල විද්‍යා පිලිබඳව අධ්‍යයනයකින් අනතුරුව සමන් විසින් තම ව්‍යාපාර ස්ථානයේ පරිගණක ජාලගත කිරීම සඳහා තරු ආකාරයේ ජාල ස්ථල විද්‍යාව තෝරා ගැණුනි. මේ සඳහා හේතු වී ඇතැයි සිතන හේතු කීපයක් පහත දැක්වේ. A. උපාංග මධ්‍යගතව පාලනය කළ හැකි වීම. B. ජාලය තුල එක් පරිගණකයක් අකර්මණ්‍ය වුව ද ජාලය බිඳ නොවැටීම. C. එක් පරිගණකයක සිට අනෙක් සෑම පරිගණකයක්ම රැහැන් මගින් එකිනෙක සම්බන්ධ වීම මින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ මොනවාද?
    1. A. A පමණි
    2. B. A හා B පමණි
    3. C. A හා C පමණි
    4. D. A, B හා C සියල්ල
  35. Question 35 · One correct answer · 1 point

    පරිගණක වර්ග සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ හා ඉදිරියේ ඇති තීරුවේ පරිගණක වර්ග හා සැසඳූ විට ගැළපෙන පිළිතුර තෝරන්න. P. සුපිරි පරිගණක Q. ක්ෂුද්‍ර පරිගණක R. මධ්‍ය පරිමාණයේ පරිගණක A. බැංකු, රක්ෂණ සමාගම් වැනි ආයතන වල දත්ත සැකසීම සඳහා යොදාගනී. B. අති ප්‍රබල දත්ත සැකසීමේ වේගයකින් යුතු වු විශාල පරිගණකයකි. C. එදිනෙදා කටයුතු සඳහා බහුලව භාවිතා කරයි.
    1. A. A -> R, B -> R, C -> Q
    2. B. A -> R, B -> P, C -> Q
    3. C. A -> Q, B -> P, C -> R
    4. D. A -> P, B -> R, C -> Q
  36. Question 36 · One correct answer · 1 point

    පහත සංඛ්‍යා අතුරින් අෂ්ඨමය සංඛ්‍යාවක් වන්නේ
    1. A. A67
    2. B. 563
    3. C. 987
    4. D. EF12
  37. Question 37 · One correct answer · 1 point

    පහත දැක්වෙන 1010112101011_2 සංඛ්‍යාව තුල්‍ය වන දශමය සංඛ්‍යාව කුමක්ද?
    1. A. 42
    2. B. 39
    3. C. 44
    4. D. 43
  38. Question 38 · One correct answer · 1 point

    001.10001 යන සංඛ්‍යාවේ අඩුම වෙසෙසි බිටුව (LSB) හා වැඩිම වෙසෙසි බිටුව (MSB) පිළිවෙළින් දැක්වූ විට පිළිතුර වන්නේ,
    1. A. 0, 0
    2. B. 0, 1
    3. C. 1, 0
    4. D. 1, 1
  39. Question 39 · One correct answer · 1 point

    'c' අනුලක්ෂණය ASCII කේත ක්‍රමයේ දී 1100011 මගින් නිරූපණය වේ නම්, 'f' අක්ෂරය නිරූපණය කෙරෙනුයේ පහත කුමකින්ද?
    1. A. 1110100
    2. B. 1100110
    3. C. 1101011
    4. D. 1101111
  40. Question 40 · One correct answer · 1 point

    පහත දැක්වෙන BCD (Binary Coded Decimal) නිරූපණ වලින් විශාලම සංඛ්‍යාව කුමක්ද?
    1. A. 01000101
    2. B. 10010001
    3. C. 00110100
    4. D. 10011001

How it works with your class

  1. 1. Copy it to your accountOne click. Change anything you want.
  2. 2. Share a link or codeStudents open it on any device, no accounts needed.
  3. 3. See the resultsScores and every answer, checked for you.
Sign up free